ගෙවුණු දවසේ (12) කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

0
ගෙවුණු දිනයේ (12) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,354 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එලෙස හඳුනා ගත් ආසාදිතයින් අතරින් 14 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් අතරින් හඳුනා ගෙන තිබේ.

ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් වාර්තාවී ඇති අතර වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 561 යි. (වැඩිම ආසාදිතයින්)
⭕ කොළඹ දිස්ත්‍රික්කය – 528 යි.
⭕ කළුතර දිස්ත්‍රික්කය – 313 යි
⭕ යාපනය දිස්ත්‍රික්කය – 111 යි

අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින් බලන්න