එක් දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් ආසාදිත මරණ ගණන – මරණ 67ක්

0
Covid deaths - එක් දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් ආසාදිත මරණ ගණන - මරණ 67ක්
ශ්‍රී ලංකාවේ දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ වාර්තාව ඊයේ යළිත් අලුත් කරමින් මරණ 67ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 1910ක් ලෙසටයි.

කෙසේවෙතත් මෙරටින් ඊයේ දිනයේ කිසිදු කොවිඩ් මරණයක් වාර්තාවී නැහැ.

ඊයේ තහවුරු කළ මරණ 67න් 19ක් සිදුවී ඇත්තේ මැයි මස 17 වනදා සිට 31 වනදා දක්වා අතර කාලය තුලදීයි.

තවත් මරණ 48ක් මෙම මස පළමුවනදා සිට පෙරේදා (08) දිනය දක්වා සිදුවී තිබෙනවා.

ඊයේ තහවුරු කළ මරණ අතර පිරිමි පුද්ගලයන් 43ක් සහ කාන්තාවන් 24ක් වනවා.

මියගිය අය අතර තරුණයන් කිහිප දෙනකුද සිටින බව වාර්තා වේ.

ඔවුන්ගෙන් 6 දෙනෙකු මියගොස් ඇත්තේ නිවසේදීයි.

රෝහල් ගත කරන අවස්ථාව වන විට මරණ 5ක් සිදුවී තිබෙනවා. අනෙක් මරණ 56 සිදුව ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදීයි.

මේ අතර ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,735 දෙනෙකු වාර්තා වී ඇති අතර මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 213,396ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 180,427ක් වන අතර රට තුල සක්‍රියව සිටින කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 31,126ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත වාර්තා කර සිටින්නේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින් බලන්න.