කෙටි පණිවුඩයක් නොලැබුණ සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබාගැනීමට සිටින පිරිසට පණිවුඩයක්

0
Covid 19 vaccine - සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබාගැනීමට සිටින පිරිසට පණිවුඩයක්
“සයිනොෆාම්” කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව හෙට ලබාගැනීමට නියමිත එහෙත් සිය ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් නොලැබුණ පුද්ගලයින්ට හෙට (10) දිනයේ දී කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී එන්නත ලබාගැනීමට හැකිවනු ඇත.

කොළඹ මහනගර සභාවේ වසංගත රෝග විද්‍යාවේදනී වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය සඳහන් කර සිටියේ, පළමු එන්නත ලබාගත් ස්ථානයට යෑමේ අපහසුතා පවතින පුද්ගලයින්ට ද ඒ සඳහා යොමුවිය හැකි බවය.

ඒ අනුව ගිය මාසයේ 10 වන දින පළමු එන්නත් ලබාගත් පිරිසට හෙට දිනයේ දී සුගතදාස ක්‍රීඩාංගනයේ දී හෝ තම දෙවැනි එන්නත ලබාගත හැකි වේ.

නියමිත දිනයේදී දෙවන එන්නත් මාත්‍රාව ලබාගැනිමට නොහැකි වූ පුද්ගලයින් සඳහා වෙනත් දිනයන් ලබාදීමට ඉදිරියේදී පියවර ගන්නා බව වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය  වැඩිදුරටත් පැවසුවාය.

මේ අතර “සයිනොෆාම්” කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම අද දෙවන දිනටත් කිරුළපන නගරයේ දී සිදුකර තිබේ.

අද දිනයේ එන්නත ලබාගන්නා පුද්ගලයින්ට කෙටි පණිවුඩ මාර්ගයෙන් ඒ පිළිබඳ දැනුම්දීමක් සිදුකර ඇත.