ජූනි පළමු සතිය තුළ ආසාදිතයින් වාර්තා විම අතින් ශ්‍රී ලංකාව ආසියාවෙන්ම 9! ලෝකයෙන් 21!!

0
covid 19 new cases last week - ජූනි පළමු සතිය තුළ ආසාදිතයින් වාර්තා විම අතින් ශ්‍රී ලංකාව ආසියාවේන් 9! ලෝකයෙන් 21!!

ජුනි මාසයෙහි ගතවූ දින 7 තුළ පමණක් මෙරටින් කොවිඩ්  මරණ 305ක් වාර්තා වී ඇති බව රජයේ නිල සංඛ්‍යාලේඛන වලින් දැක්වේ. 

මැයි 31 වනදා අවසන් වනවිට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1484ක් වූ අතර ජුනි 07 වනදා අවසන් වනවිට එය 1789ක් දක්වා ඉහළ ගොස් ඇත. 

එම සතිය තුළ මෙරටින් හඳුනාගෙන ඇති මුළු කොවිඩ් රෝගීන් ගණන 21615ක් වේ. 

හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව අනුව ශ්‍රී ලංකාව එම සතිය තුළ ආසියාවෙන්ම 9 වෙනි ස්ථානයේත් ලෝකයෙන්ම 21 වෙනි ස්ථානයෙහිත් රැඳී සිටින බව worldometers වෙබ් අඩවියෙහි දැක්වේ. 

වැඩි විස්තර worldometers වෙබ් අඩවියෙන් ලබාගන්න