වැඩ බලන බස්නායක නිලමේ නව පත්කිරීම එලෙසම තිබියදී මහ සමන් දේවාලය යළි විවෘත කෙරේ.

0
මහ සමන් දේවාලය

ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

ඒ මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදී ය.

මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව ආගමික කටයතු දෙපාර්තමේන්තුව විසින් තාවකාලිකව වෙනත් පුද්ගලයෙකු පත් කිරීමට විරෝධය පළ කරමින් එහි කපු මහතුන් දේවාලය වසා දැමීමට මින් පෙර තීරණය කළේය.

මහ සමන් දේවාලය

අදාල වැඩ බලන බස්නායක නිලමේවරයා වයස අවුරුදු 60 ට වැඩි මාලිමා ආණ්ඩුව බලයට ගෙන ඒම වෙනුවෙන් මුදල් වියදම් කල ජවිපෙ ප්‍රභල ආධාර කරුවෙක් බවටද මාධ්‍ය වාර්ථා කර තිබුණා

මේ හේතුවෙන් බැතිමතුන්ට මෙන්ම සමන් දේවාලය ආශ්‍රිතව රැකියාවේ යෙදෙන පවුල් දැඩි අපහසුතාවට පත්ව සිටි අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් කපු මහත්වරුන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

එම ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව දේවාලය පූජා වට්ටි බාර ගැනීම ඇතුළු තේවාවන් මෙන්ම සියලුම රාජකාරි කටයුතු සඳහා අද දිනයේ විවෘත කර ඇති බව සඳහන්.