OPEC සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 50 ක ණයක්

0
ඇමරිකානු ඩොලර් මිලියන 50

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල ශ්‍රී ලංකාවට ප්‍රතිපත්ති පාදක ණයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් ලබාදීමට එකඟ වී තිබේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ මෙරට විස්තීරණ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට මුදල් සැපයීම සඳහා අරමුදල් ලබා ගැනීමට රජය ඔපෙක් අරමුදලට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහය ඇතිව ක්‍රියාත්මක කරන ලද විස්තීරණ අරමුදල් පහසුකමේ පරාමිතීන්ට අනුකූලව මෙම ඉල්ලීම සිදු කළ බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව එම ණය මුදල ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල සමඟ ණය ගිවිසුමකට එළැඹීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.