පොලිස් විමර්ශනවලට අනුව තහනම් සංවිධානවල සංකේත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කරන සැලකිය යුතු පිරිසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයන් යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (දෙසැ. 3) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.
මේ සම්බන්ධව පොලිස් විමර්ශනයන් සිදු කර ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බව ත් නව නීති සකස් කර හෝ ජාතිවාදය පරාජයට පත් කරන බව ත් අමාත්‍යවරයා පැවසීය.
ජාතිවාදය, ආගමික අන්තවාදය පදනම් කරගෙන දේශපාලනය ප්‍රවර්ධනය කිරීමට මෙම රජය ඉඩ ලබා නොදෙන බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.