අනුරගෙන් ලෝක යුද්දයක් ඇති විය හැකි ප‍්‍රකාශයක්

0
anura kumara dissanayake - අනුරගෙන් ලෝක යුද්දයක් ඇති විය හැකි ප‍්‍රකාශයක්

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා විසින් ජංගම දුරකථන සන්නායමයන් දෙකක් පටලවා ගනිමින් සිදුකරන ලද අදහස් දැක්වීමක් සමාජ ජාලවල හුවමාරුවෙන් ඇත.

ඒ ජනාධිපතිවරණය වේදිකාවක ඇපල් හා හුවාවේ නිෂ්පාදන ය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සිටි අවස්ථාවකදීය.

මන්ත්‍රීවරයා එහිදී සඳහන් කරන්නේ iPad නිෂ්පාදනය කරන්නේ හුවාවේ සමාගම විසින් බවත් iPhone එකක් තමන් සතුවත් ඇති බවත්ය.

හුවාවේ සමාගම කිසිදු iPad නිෂ්පාදනයක් නොකරන අතර එය ඇපල් සමාගමේ නිෂ්පාදනයකි.

කෙසේ වෙතත් අනුර දිසානායක මහතා කළ ප්‍රකාශය සත්‍යයක් නම් ලොව ප‍්‍රධාන පෙලේ සමගම් දෙකක් වන ඇපල් හා හුවාවේ සමාගම අතර වෙළඳ යුද්ධයක් අනිවාර්ය ලෙසම ඇතිවනු ඇත.

එය බොහෝ දුරට ඇමරිකා චීන රාජතාන්ත‍්‍රික යුද්ධයක් දක්වා වුවත් පරිවර්තනය වීමේ ඉඩකඩක් තිබේ.

එසේ නැත්නම් ඇපල් සමාගම හා හුවාවේ සමාගම අතර ඩොලර් බිලියන ගණනක වන්දියකින් කෙළවර වන නඩුවක් වීමේද වැඩි ඉඩකඩක් තිබේ.