සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ඩුබායි හරහා ගෑස් සිලින්ඩරයට

0
sjb - සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ඩුබායි හරහා ගෑස් සිලින්ඩරයට

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ මහත්මියට ආණ්ඩුවට එක්වීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් ගෙවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඇයට මෙම මුදල් ගෙවා ඇත්තේ සිංගප්පූරුවේදී බවත් එම මුදල ලබා ගැනීම සඳහා ඇය උදේ වරුවේ සිංගප්පූරුවට ගොස් හවස ආපසු මෙරටට පැමිණි බවද ඔහු කියා සිටියේය.

මේ වන විටත් තායිලන්තයේ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මුදල් ගනුදෙනුව සඳහා ගොස් ඇති බවත් ඔවුන් ගණුදෙනුව අවසන් කර මෙරටට පැමිණි පසු රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට ඔවුන් එක්වනු ඇති බවත් ඔහු කියා සිටියේය.

ඒ සඳහා මුදල් ගෙවන්නේ ගුවන්තොටු‍පොළේ වීසා ගනුදෙනුව හරහා උපයා ගන්නා ලද මුදල් බවද ඔහු තවදුරටත් පැවසීය.

සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ ජනරැළියක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.