සජිත් ප්‍රේමදාස 2025 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප 25% කින් වැඩි කරයි

0
sajith premadasa - සජිත් ප්‍රේමදාස 2025 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප 25% කින් වැඩි කරයි

රජයේ සේවකයන්ගේ වැටුප් ඉහළ දමන බවට ජනාධිපතිවරයා විසින් ලබාදෙමින් සිටින්නේ බොරු පොරොන්දු බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

තමන් ජනාධිපති වූ පසු රජයේ සේවකයන්ගේ වැටුප් ජීවන වියදමට සරිලන ලෙස සංශෝධනයට කොමිසමක් පත් කරන බවද ඔහු පැවසුවේය.

2025 ජනවාරි මාසයේ සිට රජයේ සේවකයන්ගේ මූලික වැටුප 24%කින් ඉහළ දමන බවද පැවසූ ඔහු සියලුම රාජ්‍ය සේවකයන්ගේ අවම වැටුප රුපියල් 57,500 දක්වා තම පාලනයක් යටතේ ඉහත දමන බවත් කියා සිටියේය.

සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජනාධිපතිවරණය ජනරැළියක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.