ශක්ති රූපවාහිනී නාලිකාවේ පැවති සජීවී විවාදයක් අතරතුර සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර ගුටිබැට හුවමාරුවක් සිදුවිය.
පළනි දිගම්බරම් හා වේළුකුමාර යන මන්ත්‍රීවරුන් අතර මෙම ගැටුම සිදුවූයේ එම සංවාදය අතරතුර ඇතිවූ මත ගැටුමක් දුර දිග යාමෙනි.
මුලින් ඔවුන් දෙදෙනා පරුෂ වචනවලින් බැනගත් අතර ඉන් පසුව ගුටි බැට හුවමාරුවක් දක්වා එය වර්ධනය විය.
රූපවාහිනි නාලිකාවේ කාර්ය මණ්ඩලය මැදිහත් වී දෙදෙනා පාලනය කරන ලද අතර ගැටුම හේතුවෙන් ආයතනයේ බඩු භාණ්ඩවලට සුළු අලාභ හානි සිදුව තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයේදී දිගම්බරම් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන අතර වේළුකුමාර් මහතා ජනාධිපතිවරණයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක්ව ඇත.
වේලුකුමාර් මන්ත්‍රීවරයා, අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ බහුතරයක් දමිල මන්ත්‍රීවරුන් බහුතරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමත් සමඟ සමගි ජන බලවේගයට වතුකරයේ තිබූ ඡන්ද පදනම දිගින් දිගටම අඩුවෙමින් පැවතීම නිසා සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජය හමුවේ දිගම්බරම් මන්ත්‍රීවරයා මෙලෙස හැසිරීමට කටයුතු කරන බව දක්නට ලැබෙනවා.