පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක බාර ගැනීම ධම්මික පෙරේරා මහතා විසින් ප්රතික්ෂෙප කිරීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නිල වශයෙන් නම් කර ඇත.
ඒ සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උදෑසන සිටම නාමල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් වැඩ අරඹා ඇති බවට වාර්තා වෙයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරීයා වන නෙවිල් වන්නිආරච්චි මහතාගේ දුරකථනය හරහා රට පුරා සිටින හිටපු පලාත් සභා මන්ත්‍රිවරුන්ට, හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ද අමතමින් මහින්ද රාජපක්ෂ මහතා සෘජුවම නාමල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට කැප වී වැඩ කරන ලෙස ඉල්ලා සිටියි.
ඒ සදහා අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන සියල්ලක්ම ලබාදීමට සූදානම් බවටත් මහින්ද රාජපක්ෂ මහතා ඔවුනට දැනුම් දී තිබේ.