22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා මහින්ද රාජපක්ෂත් ජනපතිවරණයට

0
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පරම අරමුණ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක් ලෙස නිශ්චය කිරීම නම් ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොන්දේසි විරහිතව සහාය පළ කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්ච මහතා සඳහන් කරයි.

මැතිවරණ කල් දැමීම හෝ ජනාධිපතිවරයාගේ ධුර කාලය වැඩි කර ගැනීම ඇතුළු වහලා ගැසීමේ කාර්යයක් ඒ අතුලේ සිදු කළහොත් ඊට විරුද්ධතාවය පළ කරන බවද හෙතෙම පැවසීය.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා 19 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය බලය අඩු කරන්නේ නම් ඒ හරහා මහින්ද රාජපක්ෂ මහතාටද නැවත වතාවක් ජනාධිපතිවරණයට තරග කල හැකි වනු ඇති බවද හෙතෙම කියා සිටියි.

ඒ අනුව එවන් අවස්ථාවක් සඳහා පොදු ජන පෙරමුණ සූදානම් බවත් මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි නම් එ් සඳහා අත් දෙකම ඔසවා සහාය පළ කරනව බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.