සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් 15-20ත් අතර ප්‍රමාණයක් ජනපතිට සහය දෙන්න සූදානම්

0
සමගි ජන බලවේග මන්ත්‍රීවරුන්

වර්තමාන ජනාධිපතිගේ වැඩපිලිවෙල ගැන පැහැදීමකින් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් 15-20ත් අතර ප්‍රමාණයක් සිටින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

තමනට වඩා ආණ්ඩුවට එක්වීමේ වුවමනාව සහ ජනාධිපතිවරයා සමග ගණුදෙනු පවත්වන්නේ එම පිරිස බවද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් තමන් මේ මොහොතේ ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් ලබා ලබාගැනීමට සූදානමකට නැති නමුත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට සහාය අවශ්‍ය සහාය දැක්වීම සිදු කරන බවද කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ මොහොතේ ගෙනයන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ කිසිදු සූදානමක තමන් නැති බවද ඔහු තවදුරටත් පැවසීය.

හිරු රූපවාහිනිය පැවති වැඩසටහනකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.