අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙසට පත් කිරීම සම්බන්ධයෙන් එම පාර්ශ්වයේම අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වෙයි.
මෙම අර්බුදය හටගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකුද එම ධුරයෙහි කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටීම නිසා බවද පැවසේ.
කෙසේ නමුත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නායකත්වය දෙන පාර්ශවය විසින් නිමල් සිරිපාල සිල්වා මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා ලෙස සලකමින් ඔහු වැඩ බලන සභාපති ධුරයට පත් කර තිබේ.
නමුත් ඇති ව තිබෙන තත්ත්වය මත පක්ෂය ඉදිරි කටයුතු කරගෙන යාම අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇත.
විජයදාස රාජපක්ෂ නිතරගයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සභාපති
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිතරගයෙන් මීට සුළු මොහොතකට පෙර තේරී පත්විය.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ සභාපති ධූරයට විජයදාස මහතා තෝරා ගනු ලැබීය.
පක්ෂයේ වැඩ බලන මහ ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත මහතා තේරීපත්විය
විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට නම් කිරීම කණගාටුදායක සිද්ධියක්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයකු වන ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට නම් කිරීම එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමටත් වැඩි කණගාටුදායක සිද්ධියක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
අනීතික රැස්වීමක් පවත්වා වාරණයට ලක් වූ පිරිසක් තනතුරුවලට පත් කරගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.
දිසානායක මහතා මෙසේ පැවසුවේ කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
දුමින්ද දිසානායක මහතා මෙසේද පැවසීය.
ඒ අය කැඳවපු රැස්වීම අනීතිකයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවල වෙනසක් නීත්‍යානුකූල මට්ටමින් සිදුවෙලා නැහැ. වාරණයට ලක්වෙච්ච පිරිසක් තමයි අද දිනයේත් අනීතික රැස්වීමක් කැඳවලා තියෙන්නේ. වාරණයට ලක් වෙච්ච පුද්ගලයන්ව ඒ අනීතික රැස්වීමේදී නැවත වතාවක් තනතුරුවලට පත් කරලා තියෙනවා.
අපි කියන්නේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නිත්‍යානුකූලව ඉවත් විය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයකු නොවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයකු පක්ෂයේ සභාපති කරලා. මේක එදා බණ්ඩාරනායක මහත්තයා ඝාතනය කළාට වඩා දෙයක්. තවත් විදිහකට කියනවා නම් පක්ෂය සමූල ඝාතනය කිරීමක්.
විජයදාස රාජපක්ෂ මහතා මුලින්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉවත් වෙන්න ඕන. ඊට පස්සේ ඒ පක්ෂය අපිට ඒක කියන්න ඕන. විජයදාස සාමාජිකයෙක් නොවෙයි කියලා. එතකොට තමයි විජයදාස රාජපක්ෂ මහත්තයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ඉල්ලුම් කරන්න පුළුවන් වෙන්නෙ. සාමාජිකයකු නොවන පුද්ගලයකුට පක්ෂයක සභාපති කමක් දරන්න බැහැ.