ජී.එල් පීරිස්ට එරෙහිව පොහොට්ටුවෙන් විනය ක්‍රියාමාර්ග

0
විනය ක්‍රියාමාර්ග

මහාචාර්ය ජී.එල් පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

එම පක්ෂයේ විධායක සභාව මඟින් එම තීරණය ගත් බව එහි මහලේකම් සාගර කාරියවසම් පවසයි.

සමගි ජන බලවේගය සමග එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙන් ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව හෙතෙම කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය දරමින් වෙනත් පක්ෂ සමග ගිවිසුම්වලට එළඹෙන්නන්ට එරෙහිව ඉදිරියේ දී ද විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පක්ෂයේ විනය කමිටුවට බලය දුන් බව සාගර කාරියවසම් තවදුරටත් පැවසුවේය.