ජලය සහ විදුලිය ගැන රජයෙන් විශේෂ දැනුම්දීමක්

0
ජලය සහ විදුලිය

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ තවත් මාස දෙකක පමණ කාලයක් මෙම කාලගුණ තත්ත්වය පැවතියහොත් මුර ක්‍රමයට ජලය නිකුත් කිරීමට සිදුවිය හැකි බවය.

දින ගණනක් තිස්සේ තවමත් රට තුළ පවතින්නේ උණුසුම අධික කාලගුණ තත්ත්වයකි.

මේ හේතවෙන්, ජනතාව වෙනදාට වඩා විදුලිය භාවිතයට හුරුවී සිටී.

ඒ හේතුවෙන් මේ දිනවල විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති බැවින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.