සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා

0
සනත් නිශාන්ත
අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 වන ඉරිදා සිදුකිරීමට සැලසුම් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ දී අවසන් කටයුතු සිදුකිරීමට සැලසුම්කර ඇති බවය.

සනත් නිශාන්ත මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා අද පස්වරු 5.30 බොරැල්ලේ ජයරත්න මල්ශාලාවට රැගෙන එන අතර දේහය හෙට (26) පෙරවරු 10.30ට පුත්තලමේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යනු ඇත.

අද (25) අලුයම කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවු රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත් වුණි.

අද අලුයම දෙකට පමණ රාජ්‍ය අමාත්‍යවරයා ගමන් ගත් සුඛෝපභෝගී රථය එම දෙසටම ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථයක හා මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටීමෙන් අනතුර සිදුව තිබිණි.

අනතුරෙන් තුවාල ලැබු ජිප් රථයේ ගමන්ගත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඔහුගේ ආරක්ෂක නිලධාරියා මියගිය අතර ජීප් රථයේ රියදුරු රාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.

සනත් නිශාන්ත මහතා මියයන විට 48 හැවිරිදි වියේ පසු වුණි.

මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද පෙරවරුවේ රාගම රෝහලේ දී සිදුකෙරුණි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවය සැලවීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිඇමතිවරුන් ඇතුළු සමීපතමයින් රැසක් රාගම රෝහල වෙත පැමිණ තිබිණි.

ජනපති සනත් නිශාන්තගේ නිවසට එයි

සනත් නිශාන්ත

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ඥාතීන් හමුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියේය.

රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 වන ඉරිදා සිදුකිරීමට සැලසුම් කර තිබේ.

අද (25) අලුයම කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවු රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත් වුණි.

අද අලුයම දෙකට පමණ රාජ්‍ය අමාත්‍යවරයා ගමන් ගත් සුඛෝපභෝගී රථය එම දෙසටම ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථයක හා මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටීමෙන් අනතුර සිදුව තිබිණි.

සනත් නිශාන්තගේ බිරිඳ,

“ෆැමිලි එක පිටින් යන්න ඕනේ කියලා අපි ඔක්කොම ගියා. ගිහින් එතනින් අපිව වෙන වාහනයකට දැම්මා එන්න. එයා ගියා හලාවත…. වෙඩින් එකකට. ඒ ගිහින් එමින් ගමන් තමයි මේ…”