CID නිලධාරීන් බව පවසා පැමිණ ස්වාමීන් වහන්සේ අපවත් කල නොමිනිසුන්

0
CID නිලධාරීන්

ගම්පහ,මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළදී ස්වාමීන් වහන්සේ නමක් වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් පැමිණි බවට සැක මෝටර් රථයක් කඩුවෙල ගොඩැල්ල ප්‍රදේශයේ ලඳු කැළෑවක තිබී අද පස්වරුවේ සොයාගෙන තිබේ.

ඒ වන විටත් මෝටර් රථය එකවර හඳුනාගත නොහැකි ලෙසට ගිනිබවත්ව තිබුණි.

මේ අතර, විමර්ශන ඇරඹු පොලිසියට සැකකරුවන් පළාගිය මොටර් රථයේ අංකය වන CAO-5345 අංකයම දරන සුදු පැහැති මෝටර් රථයක් පානදුර එළුවිල ප්‍රදේශයේ ගරාජයකින් ද හමුවී තිබේ.

මෝටර් රථයකින්න් විහාරස්ථාන භූමියට ඇතුල් වූ සැකකරුවන් සිව්දෙනෙකු මෝටර් රථය නවත්වා ආවාස ගෙය තුළට පිවිස තිබේ.

ඒ වනවිට ස්වාමීන් වහන්සේ 6 නමක් දහවල් දානය වළඳමින් සිට ඇත.

එහිදී සැකකරුවන් විමසා ඇත්තේ, ජොතීර්වේදය සම්බන්ධයෙන් කටයුතු කරන ස්වාමීන් වහන්සේ කවුරුන්ද යන්නය.

තමන් CID නිලධාරීන් බව පවසා සැකකරුවන් මෙම වෙඩි තැබීම සිදුකර පළාගිය බව එම විහාරස්ථානයේ වැඩවසන ස්වාමීන් වහන්සේ පවසයි.

වෙඩි ප්‍රහාරයන් උන්වහන්සේගේ වම් අතට සහ පපු ප්‍රදේශයට වැදී තිබුණු අතර ඉන් තුවාල ලැබූ හිමි නම කඩිනමින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කෙරුණා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, ඒ වනවිටත් උන්වහන්සේ අපවත් වී සිටි බවයි.

වෙඩි වැදීමෙන් අපවත් වුණේ පූජ්‍ය කලපලුවාවේ ධම්මරතන නම් වයස අවුරුදු 44ක හිමිනමකි.

යන්ත්‍ර , මන්ත්‍ර සහ ජොතිෂ්‍ය කටයුතු සඳහා සුප්‍රසිද්ධ වූ උන්වහන්සේ මීට පෙර වැඩසිටියේ දුෂ්කර ප්‍රදේශයක පිහිටි කෙසෙල්කන්ද කුසුම් සදහම් සෙවණ විහාරස්ථානයේය.

අපවත්වූ හිමිනම හේනේගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කර ඇති අතර එම විහාරස්ථානයේ කලක පටන් පැවැති ඉඩම් ආරවුලක් මත මෙම හිමිනම මල්වතුහිරිපිටිය විහාරස්ථානයට පැමිණ දානය වළඳා නැවත හේනේගම විහාරස්ථානයට වැඩම කරන බව පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

මෙම හිමිනම දහවල් 12.15 ට පමණ විහාරස්ථානයේ දානය වළඳමින් සිටින අවස්ථාවේදී සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් 4 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා හිමිනම සතුව මත්කුඩු තිබෙන බවට ලද තොරතුරක් මත පරීක්ෂා කිරීමට පැමිණි බව පවසා ඇත. පසුව හිමිනම පරීක්ෂා කරන මුවාවෙන් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර පලාගොස් ඇත බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණයවී තිබේ.