පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා 2024 ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට යලි ඇඳුම් මසයි

0
ධම්මික පෙරේරා

2024 ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට අවශ්‍ය වැඩකටයුතු සිදුකරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි.

ඒ සඳහා පොදුජන පෙරමුණෙන් තමාට කොන්දේසි 10ක් ඉදිරිපත් කර ඇති බවද ඔහු පවසයි.

“මම 2024 ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් හැටියට එන්න වැඩ කරමින් ඉන්නේ. පොදුජන පෙරමුණෙන් එන්න මට කොන්දේසි 10ක් දාලා තියෙනවා. පැය 9600යි වැඩ කරන්න තියෙන්නේ. කරන්නේ කොහොමද කියන ප්ලෑන් ටික තමයි හදන්නේ. එහෙන් තමයි ප්‍රසිද්ධ කරන්න ඕනේ කවුද අපේක්ෂකයා කියලා.”