Porn බලන්නේ බලාගෙනයි නිරන්තරයෙන් අන්තර්ජාලය ඔස්සේ ඒවා සොයන අයගේ තොරතුරු Google සමාගමෙන් මෙරට පොලීසියට දෙනවලු

0
නිරන්තරයෙන් අන්තර්ජාලය ඔස්සේ

කුඩා දරුවන්ගේ නිරුවත් ඡයාරූප හෝ ලිංගික දර්ශන සමාජ ජාලා වෙත මුදාහරින්නේ නම් හෝ එවැනි දර්ශන නිරන්තරයෙන් අන්තර්ජාලය ඔස්සේ නරඹන්නේ නම් ඒ පිළිබඳව තොරතුරු ගූගල් සමාගම් විසින් මෙරට ළමා හා කාන්තා කාර්යාංශ වෙත ලබා දීමේ වැඩපිලිවෙලක් සකසා තිබේ.

ඉන් අනතුරුව එම තොරතුරු මත පැමිණිල්ලක් නොමැතිවම සැකකරුවන් අත්අඩංගරු ගැනීමට කටයුතු කළ හැකිය.

ගූගල් සමාගමෙන් ලද තොරතුරු අනුව කොළඹ ප්‍රදේශයේ පදිංචි 18 වියැති තරුණයෙක් පළමු අත්අඩංගුවට ගැනීම ලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා වසර දෙකක සිට තම දොළොස් හැවිරිදි ඥාති සහෝදරියක් බරපතළ ලෙස ලිංගික අපයෝජනය කරමින් ඒවා අන්තර්ජාලයට එක්කර ඇති බවට හෙළි වී ඇත.