මැයි 7 දක්වා සියලු පාසල් වැසේ

0

පාසල් සඳහා මේ මස 3 වනදා සිට 7 වනදා දක්වා යළි නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍ය ජි එල් පීරිස් මහතා පවසනවා.

යළි පාසල් ආරම්භ කිරීමට හැකි වාතාවරණයක් තිබේද යන්න පිළිබඳව එළඹෙන 7 වන දින දැනුම් දෙන බවයි ඔහු සඳහන් කළේ.

නමුත් මෙම කාලය තුළ මාර්ගගත ක්‍රමවේදය හරහා( online ) අධ්‍යාපන කටයුතු කරගෙන යන අතර විෂයමාලා ආවරණය කිරීම සඳහා අගෝස්තු නිවාඩුව කෙටි කරන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.