ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට අධ්‍යාපනය තහනම් වෙයි

0
ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට

තලෙයිබාන් යටතේ පවතින ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට තවත් තහනමක් පනවා තිබෙනවා. ඒ අනුව, වයස අවුරුදු 10ට වැඩි ගැහැණු දරුවන්ට පාසැල් අධයාපනය තහනම් කිරීමට තලෙයිබාන් සංවිධානය පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තලෙයිබාන් නීිතියට අනුව, තලෙයිබාන් බලධාරීන් විසින් ඇෆ්ගනිස්ථානයේ ඇතැම් ප්‍රදේශවල පිහිටි පාසැල්වල ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ තුන්වන ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන සියලු සිසුවියන් නිවෙස් වෙත හරවා යවන ලෙසයි. තලෙයිබාන් පාලන යටතේ ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට දැඩි නීතිරීති මාලාවක් ක්‍රියාත්මක වනවා. ඒ අනුව, ඇෆ්ගන් කාන්තාවන්ට උද්‍යානවල කාලය ගත කිරීම, ශරීර සුවතා මධ්‍යස්ථානවලට එක්වීම , රූපලාවන්‍යාගාරවලට ඇතුළු වීමද තහනම් වනවා. එමෙන්ම, ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට රජයේ රැකියාවල නිරත වීමට තලෙයිබාන් පාලනය විසින් තහනම් කර ඇති අතර ඒ හමුවේ කාන්තාවන් දැඩි පීඩනයට ලක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට