පිටසක්වලිනුත් ඇවිත් ගහනවලු 2023 ලෝක විනාශය ගැන භයානක අනතුරු ඇඟවීමක්

0
ලෝක විනාශය

 

“වසර 2858 අනාගතයේ සිට කාල තරණය කරන්නෙකු” යැයි කියාගන්නා ටික්ටොක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු, මේ වසරේ සිදුවිය හැකි ලෝක විනාශය ගැන භයානක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. මෙයට පෙර නොස්ත්‍රදාමුස් මෙන්ම බාබා වන්ගා  යන අනාවැකිකරුවන්ද මේ කාලයේ සිදුවිය හැකි ලෝක විනාශයක් ගැන අනතුරු අඟවා තිබුණි.

අනාගත සිදුවීම් පිළිබඳ අමුතු ප්‍රකාශයන් පළ කිරීමෙන් සරුසාර අනුගාමිකයන් සංඛ්‍යාවක් උපයාගෙන ඇති @darknesstimetravel යන පරිශීලක නාමය යටතේ පෙනී සිටින මෙම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයාගේ නවතම ටික්ටොක් වීඩියෝවේ, අනතුරු අඟවා ඇත්තේ “සතුරු පිටසක්වල විශේෂයක්” පෘථිවිය විනාශ කිරීමට මහ පොළොව බලා ගමන් කරන බවත්, “අපගේ විශේෂය සුරුකීමට” මිනිසුන් සූදානම් විය යුතු බවත්ය.

පැයකටත් වඩා අඩු කාලයක් තුළ ලයික් 30,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇති මේ වීඩියෝවේ, මේ ස්වයං-ප්‍රකාශිත කාල සංචාරකයා මෙසේ ලියා ඇත:

“අවධානය යොමන්න! ඔව්, මම සැබෑ කාල සංචාරකයෙක්, මම ඔබට කියන්නට යන්නේ ලෝකය අවසන් වන්නේ කෙසේද යන්නයි. “මාස 3කට අඩු කාලයකින්, ඔක්තෝබර් 3 වැනිදා, පිටසක්වල ජීවියකු පෘථිවියට පැමිණෙනු ඇත, ඔහු “The Vanguard” ලෙසින් හඳුන්වනු ලබන අතර, ඔහු දැනට The Distants ලෙස හඳුන්වන සතුරු පිටසක්වල ජීවී විශේෂ සමූහයක් විසින් හඹා යාමකට ලක්ව සිටියි. “Distants විසින් ආලෝක වර්ෂ 20 ක් ඈතින් පිහිටි The Vanguard ගේ නිවස විනාශ කර ඇති අතර ඉන් තවමත් ජීවතුන් අතර සිටින්නේ “The Vanguard” පමණි. ඔවුන් ඊළඟට පෘථිවියට පැමිණෙන්නේ එය විනාශ කිරීමටයි.

“Vanguard මුලින්ම පෘථිවියට ළඟා වනු ඇත, අපට අනතුරු ඇඟවීමට සහ මිනිසුන් 12,000 ක් ‘Kepler-186f’ නමැති වාසයට සුදුසු ග්‍රහලෝකයකට රැගෙන යාමටය. Distants හෙවත් දුරස්ථයන් පෘථිවිය අයිති කර ගන්නා අතර, එහි හිමිකාරිත්වයේ සලකුණක් ලෙස පිරමිඩ මෙහි තබා යයි. ඔවුන් එය ජීවය සහිත සෑම ග්‍රහලෝකයකටම සිදු කරයි”. සත්‍යයට වඩා මිත්‍යාවට බර වුවද මේ එළිදරව්ව හේතුවෙන් සමාජ මාධ්‍ය   තුළ මහත් ආන්දෝලනයක් හටගෙන ඇති බව වාර්තා වේ.