ISIS නායක අබු හුසේන් අල් හුසේනි මිය යයි

0
නායක අබු හුසේන් අල් හුසේනි

අයි එස් අයි එස් සංවිධානයේ නායක අබු හුසේන් අල් හුසේනි අල් කුරාෂි මිය ගොස් ඇති බවට එම සංවිධානය තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.  සිරියාවේ ඊසාන දිග ප්‍රදේශයේ ඉඩ්ලිබ් පළාතේ හයාට් තාරීර් අල්ෂාම් කණ්ඩායම සමඟ සිදු වූ ඍජු ගැටුමකින් පසු මෙලෙස අයි එස් නායකයා මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.

අයි එස් අයි එස් ප්‍රකාශකයෙකුගේ පටිගත කරන ලද ටෙලිග්‍රෑම් පණිවිඩයක් හරහා නායකයාගේ මිය යාම නිවේදනය කර ඇති අතර මරණය සිදු වූ නිශ්චිත දිනයක් සඳහන් කර නැහැ. කෙසේ වෙතත් අයි එස් අයි එස් සංවිධානයේ නව නායකයා ලෙස අබු හෆ්ස් අල් හෂිමි අල් කුරාෂි පත් කර ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.