රටේ පැවති විවිධ තත්ත්වයන් හේතුවෙන් ආර්ථික අපහසුතාවට පත්ව සිටින ගායක ගායිකාවන් ඇතුළු එළිමහන් සංගීත ප්‍රසංග ක්ෂේත්‍රයේ නියැලී සිටින බොහෝ දෙනකුගේ ආර්ථිකයට ශක්තියක් වූ ‘අවුරා ලංකා ‘ සංගීත ප්‍රසංග මාලාවට බාධා නොකරන ලෙස ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ප්‍රශ්නයක් ඇත්නම් සාකච්ඡා කර විසඳාගත යුතු බවත් ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් ඇතුළුව බොහෝ දෙනෙක් අද (26) පැවසූහ.
‘අවුරා ලංකා ‘ සංගීත ප්‍රසංග මාලාවේ නවවැනි ප්‍රසංගය පැවැත්වෙමින් තිබියදී එය අත්හිටුවීමට පොලීසිය කටයුතු කළ බවත් පරිසරයට හෝ කිසියම් කෙනෙකුට ඉන් හානියක් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් කතා කර විසඳුමක් ලබාගත හැකි බවත් සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ 100 කට අධික පිරිසක් කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද පස්වරුවේ පැවසූහ.
‘අවුරා ලංකා ‘ ආයතන සංගීත සංදර්ශන පැවැත්වීම පමණක් නොව සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහ සෙසු පිරිසගේ සුභසාධනය මෙන්ම පුහුණු වැඩමුළු පැවැත්වීම ආදී සේවාවන් රැසක් ක්‍රියාත්මක කරන බවද එහිදී ශිල්පීහු රැසක් පැවසූහ.
එම මාධ්‍ය හමුවට ප්‍රවීණතම සහ ජනප්‍රිය ගායක ගායිකාවන්, සංගීත කණ්ඩායම්, නිවේදක නිවේදිකාවන් සහ නර්තන කණ්ඩායම් නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වූහ.
ප්‍රවීණ සංගීතඥ ටී. එම්. ජයරත්න, දයාන් විතාරණ, රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ඇතුළු ප්‍රවීණ සහ ජනප්‍රිය සංගීත ශිල්පීන් 100 කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.
අවුරා ලංකා හිමිකරු දූශිතයෙක් නිදන් හොරෙක් ?
මේ අතර අවුරා ලංකා හිමිකරු තාඹුගල නැමැත්තා රාජාxගනයේ සාමාන්‍ය සපත්තු මසන්නෙක් බවත් ඔවු ධනවතෙක් වූයේ නිදන් ගොඩගැනීමෙන් බවත් සමාජ මාධ්‍ය හරහා බොහෝ කරුණු නිරාවරණය වෙමින් පවතිනවා. එලෙස හුවමාරු වන එක් ලිපියක් පහලින්