අවුරා ලන්කා සංගීත සැනෙකෙලිය ත් හදිසියේම නවතයි. රාජාංගනය පොලිස් ස්ථානාධිපති වරයාට තාඹුගලගෙන් මරණීය තර්ජන

0

අවුරා ලන්කා සංගීත සැනෙකෙලිය

රාජාංගනය ප්‍රදේශයේ පැවැත්වෙන අවුරා ලන්කා සංගීත සැනෙකෙලිය ක ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් පරීක්ෂාකර බැලීමට ගිය රාජාංගනය පොලිස් ස්ථානාධිපති වරයාට එම සංගීත සංදර්ශනය සංවිධානය කළ බව කියන කෝටිපති ව්‍යාපාරිකයා මරණීය තර්ජනය කළේ යැයි කියමින් ස්ථානාධිපතිවරයා උසස් පොලිස් නිලධාරීන්ට පැමිණිලි කර ඇත.

මෙවැනි ආකාරයට මරණ තර්ජනය කළේ යැයි කියන සංගීත සංදර්ශනය සංවිධානය කළ කෝටිපති ව්‍යාපාරිකයා තවත් කිහිප දෙනකු සමඟ පැමිණ ඇතැයි පොලිසිය පවසයි.

සාමය කඩවීමක් ඇතිවිය හැකි යැයි සිතා ඒ මොහොතේ මෙම කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර නොමැති බව ද  උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

රාජාංගනය පොලිස් ස්ථානාධිපතිවරයාට මෙවැනි ආකාරයට මරණීය තර්ජනය කළේ යැයි කියන කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

මේ අතර විශේෂ නිවේදනයක් නිකුත් කරන රාජාංගනය යාය 18 ප්‍රදේශයේ සංවිධානය කර තිබූ සංගීත ප්‍රසංගය තවත් දින 7 ක් ඉතිරිව තිබියදී හදිසියේ නවතා දැමීමට අදාල සංවිධායකයින් පියවර ගෙන ඇත. ඒ සම්බන්ධව ඔවුන් සමාජ මාධ්‍යට එක් කල තිබූ නිවේදනය පහලින්

????විශේෂ නිවේදනයයි නොවැලැක්විය හේතුවක් නිසාවෙන් අද දින ( ජූලි 24 )දා සිට ( ජූලි 30 )වනදා දක්වා රාජාංගනය යාය 18 අවුරා ලංකා ව්යාපෘති පරිශ්රයේදී පැවැත්විමට නියමිතව තිබූ Aura Lanka Music Festival සංගීත සැණකෙලියේ ඉදිරි දින 7 ක ප්රසංග අවලංගු කල බව කණගටුවෙන් දැනුම් දෙන්නෙමු. පසුගිය දින 14 ක කාලයක් අප ප්රසංග නැරඹීමට පැමිණි ජනතාවටත් , සජීවිව නැරඹූ ඔබ සැමටත් අපගේ ගෞරවණීය ස්තූතිය පුද කරන්නෙමු.ඔබ සැමට සිදුවූ අපහසුතාවට අපගේ බලවත් කණගාටුව මෙයින් ප්රකාශ කරමු. ඔබ මිලදී ගත් ලොතරැයි පත් සදහා වන දිනුම් ඇදීම ඉදිරි දිනකදි සිදු කිරීමට නියමිතය.
10 වන අදියරේදී අපි යළි හමුවෙමු.

#AuraLankaMusicFestival #auralanka #SriLanka #music #Anuradhapura

අවුරා ලන්කා සංගීත සැනෙකෙලිය