කොරෝනා මර්දන එන්නත්කරණයේ මීළඟ අදියර රත්නපුර හා යාපනය දිස්ත්‍රික්කවලින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, හෙට (30) දිනයේ රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කරන බවය.
කුරුණෑගල, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ජනතාවට සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම මේ වනවිට සිදු කෙරේ.
අමාත්‍යාංශය සඳහන් කළේ, බස්නාහිර පළාතේ එන්නත්කරණය ද සාර්ථකව සිදුවන බවය.
මේ අතර කොළඹ නාගරික සීමාවේ ජනතාවට සයිනොෆාම් එන්නත් ලබාදීම අද(29) සිට යළි ආරම්භ කරන කොළඹ මහ නගර සභාව පවසයි.
එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළේ, වැල්ලවත්ත රෝක්සි වත්ත සහ මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ එම එන්නත්කරණ වැඩසටහන් පැවැත්වෙන බවයි.
චීන රජයේ පරිත්‍යාගයක් ලෙස සයිනොෆාම් එන්නත් තවත් මාත්‍රා ලක්ෂ 05 ක් මේ වනවිට දිවයිනට ලැබී ඇති අතර ස්පුට්නික් එන්නතේ මාත්‍රා 50,000ක් පෙරේදා මාධ්‍යම රාත්‍රියේ මෙරටට ළඟා විය.