ග්‍රීසියේ මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක් වූ යාත්‍රාවේ සංක්‍රමණිකයින් 750ක්

0

ග්‍රීසියේ මුහුදේදී අනතුරට ලක් වූ යාත්‍රාවේ සංක්‍රමණිකයින් 750ක්

ග්‍රීසියේ මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්වූ ධීවර යාත්‍රාවේ සංක්‍රමණිකයින් 750ක පමණ පිරිසක් සිට තිබේ.

ඉන් සිය දෙනෙකු පමණ ළමුන් බව සිද්ධියෙන් දිවි ගලවා ගත් පිරිස් මාධ්‍ය වෙත පවසා ඇත.

යුරෝපයේ දරුණුතම සංක්‍රමණික යාත්‍රා අනතුරක් ලෙස සැලකිය හැකි මෙම අනතුරින් මියගොස් ඇති බවට මේ වන විට තහවුරු වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 78 දෙනෙකි.

මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 9දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.