සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එම වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ උතුරු මෙක්සිකෝවේ Ciudad Juárez නගරයේ පිහිටි සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයක මෙම ගින්න හටගෙන ඇති බවය.
එරට ජාතික සංක්‍රමණික ආයතනය පවසන්නේ එම මධ්‍යස්ථානය තුළ වැඩිහිටි පුද්ගලයින් 68 දෙනෙකු පමණ සිට ඇති බවය.
මේ අතර ගින්න හේතුවෙන් තවත් 29 දෙනෙකු තුවාළ ලබා රෝහල්ගතකර ඇති බවය.