රාහුල් ගාන්ධිට වසර 2 ක සිර දඬුවම්

0

2019 දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගම පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සාපරාධී අපහාස නඩුවකින් වරදකරු වූ ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධිට වසර 2 ක සිර දඬුවමක් හිමිවිය.

කෙසේවෙතත්, ඔහුට ඇප නියම වූ අතර, තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඉඩ දීම සඳහා ඔහුගේ සිර දඬුවම දින 30 කට අත්හිටුවන ලදී.

භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රී සහ හිටපු ගුජරාට් අමාත්‍ය පූර්ණේෂ් මෝදි විසින් ගාන්ධි මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත්තේ රාහුල් ගාන්ධි විසින් සිදු කරන ලද “සියලුම හොරුන්ට මෝදි යන පොදු වාසගම ඇත්තේ කෙසේද?” යන ප්‍රකාශය පදනම් කරගනිමිනි.