ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ජාත්‍යන්තර පන්දුවාර විස්ස පන්දු යවන්නන් අතර පෙරමුණට පැමිණ තිබෙනවා.
ඒ ප්‍රසාද ලකුණු 704 ක් හිමිකර ගනිමින්.
එහි දෙවන ස්ථානය ප්‍රසාද ලකුණු 698 ක් ලබා සිටින ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් හිමිකරගෙන ඇති අතර ඕස්ටේ්‍රලියාවේ ජොෂ් හසල්වුඩ්ට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයයි.
මීට පෙර ද එක් අවස්ථාවක දී වනිඳු හසරංග ජගත් විස්ස යි විස්ස පිටියේ අංක එකේ පන්දු යවන්නා බවට පත් වුණා.
ඔහු මෙම ස්ථානය දක්වා පෙරමුණට පැමිණියේ, මේ දිනවල පැවැත්වෙන විස්ස යි විස්ස ලෝක කුසලානයේ දී දැක්වූ සුපිරි දක්ෂ්තා හේතුවෙන්.




















































