වනිඳු හසරංග විස්සයි විස්ස පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයට

0

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ නවතම ලැයිස්තුව නිකුත් කර තිබේ.ඒ අනුව ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග 2 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත්ව තිබේ.

ඔහු හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 697කි.

ඔහු මීට පෙර එහි 5 වන ස්ථානයේ රැඳී සිටියේය.

ඇෆ්ගනිස්තාන ක්‍රීඩක රෂීඩ් ඛාන් තවදුරටත් විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවෙයි.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 9වන ස්ථානය දක්වා පහළ බැස තිබේ.

ඔහු මිට පෙර රැදී සිටියේ 7 වන ස්ථානයේ.