කොවිඩ් මරණ 46ක්
ඊයේ දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් කොවිඩ් මරණ 46ක් තහවුරු කර ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,178ක් දක්වා ඉහළ ගොස් ඇත.
දිනකදී වාර්තා කරන ලද වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව මෙය වනවා.





මේ අතර, ඊයේ (22) දිනයේ දී ආසාදිතයින් 2,909ක් මෙරටින් වාර්තා වු අතර එයින් තිදෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි අය වේ.
කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියේ, ඊයේ දින වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු බවය.
ඒ අනුව ආසාදිතයින් 556ක් කොළඹින් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 407ක් හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් 354ක් වාර්තා වී තිබේ.
සෙසු ආසාදිතයින් 1,589 දෙනා දිස්ත්‍රික්ක 22කින් වාර්තා වී ඇත.
ගතවූ දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ – https://newsweb.lk/කොවිඩ්-19-ආසාදිතයින්-2/




















































