අද කොවිඩ් ආසාදිතයින් ගණන 400 ඉක්මවයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 419ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අතර විදෙස්ගතව සිට පැමිණි දෙදෙනෙකු ද සිටින බව සඳහන් වෙයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 585,005ක් දක්වා ඉහලගොස් තිබේ.

මේ අතර කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 210 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි.

Today Recoveries

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 560,085ක් දක්වා ඉහළගොස් ඇත.

තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.