තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (28) තහවුරු කර ඇති බවය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් ආසාදිත මරණ ගණන 14,944ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ වාර්තාවු මරණ අතරට අවුරුදු 60ට වැඩි 14 දෙනෙකු සහ අවුරුදු 30ත් 59ත් අතර 7 දෙනෙකු අයත්ය.