අද කොවිඩ් ආසාදිතයින් ගණන 600 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් ගණන 600 ඉක්මවයි
අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 215ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 673කි.

එසේම මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවද ඒ අනුව ඉහළගොස් ඇති අතර එය සටහන් වන්නේ 581,595ක් ලෙසය.

තවත් ආසාදිතයින් 311ක් සුවය පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 558,226ක් දක්වා ඉහළගොස් තිබේ.

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 16ක් වාර්තාවී තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.