අදත් කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි

0
අද (11) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 185 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 762ක් වේ.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත පුද්ගලයින් ගණන 572,188 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා ආසාදිත වී සිටි පුද්ගලයන් 426 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරටදී සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 544,626ක් දක්වා ඉහළගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 22ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.