කඩා වැටුණු හෙලිකොප්ටරයේ සිටි ඉන්දීය ආරක්ෂක ප්‍රධානීයාට මොකද වුණේ?

0
Helicopter Carrying Indian Defense Chief Crashes - කඩා වැටුණු හෙලිකොප්ටරයේ සිටි ඉන්දීය ආරක්ෂක ප්‍රධානීයාට මොකද වුණේ?
ඉන්දීය ආරක්ෂක ප්‍රධානීයා ඇතුළු පිරිස ගමන්ගත් හෙලිකොප්ටරය කඩා වැටීමෙන් 11 දෙනෙකු මිය ගිය බව INDIA TODAY වෙබ් අඩවිය තහවුරු කරනවා.

ඉන්දීය ආරක්ෂක ප්‍රධානීයා ඇතුළු පිරිස ගමන්ගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරය තමිල්නාඩුවේ කුනූර් ප්‍රදේශයේදී කඩා වැටි තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු බේරාගෙන ඇති බවත් මොවුන් වෙලින්ටන්හි හමුදා රෝහලට ගෙන ගොස් තිබෙන බවත් සඳහන්.

කෙසේවෙතත් ජෙනරාල් බිපින් රාවට්ගේ තත්ත්වය පිළිබඳ තොරතුරු කිසිවක් මේ වනතුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කර නැහැ.

හෙලිකොප්ටරයේ ගමන් ගත් අනෙක් අය සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මෙම හෙලිකොප්ටරයේ ආරක්ෂක ප්‍රධානී බිපින් රාවට්, ඔහුගේ කාර්ය මණ්ඩලය සහ පවුලේ සාමාජිකයන් සිට ඇති බවයි තවදුරටත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

———————–UPDATE———————–

තමිල්නාඩු හෙලිකෝප්ටර් අනතුරෙන් ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මරුට

තමිල්නාඩු ප්‍රාන්තයේ අද සිදුවූ හෙලිකෝප්ටර් යානා අනතුරකින් ඉන්දියාවේ පළමු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් බිපින් රාවත් – ඔහුගේ බිරිඳ ඇතුලු 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

ඔවුන් රැගත් යුධ හමුදා යානය අද දහවල් තමිල්නාඩු ප්‍රාන්තයේදීයි අනතුරට ලක්වූයේ.

ජනරාල් බිපින් රාවත් ගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ද එහි ගමන් කර ඇති බවයි ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ.

යානයේ 14 දෙනෙකු ගමන්කර ඇති අතර දිවි බේරාගෙන ඇත්තේ එක් අයෙකු පමණයි.

කඩාවැටීමෙන් පසු හෙලිකොප්ටර් යානය ගිනිගැනීමකටද ලක්ව ඇති බව සඳහන්.