අදත් කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 222 දෙනෙක් අද (07) දිනයේ වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

අද දිනයේ දෛනික ආසාදිතයින් ගණන 748කි.

ඒ අනුව, මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 569,171කි.

කොරෝනා ආසාදිත වී සිටි පුද්ගලයන් 423ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසීය.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 543,111ක් දක්වා ඉහළගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.