පියා කොවිඩ් වැළඳී මියගොස් දින 8කට පසු පවුලේ එකම දරුවාත් කොවිඩ් වැළඳී මරුට

0

කොරෝනා නිව්මෝනියාවෙන් පියා මියගොස් දින 8කට පසු ඔහුගේ 27 හැවිරිදි දියණියද කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් මියගොස් ඇති බව ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මියගිය තරුණිය ගාල්ල තල්ගස්වල ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වනවා.

මියගිය තරුණියට කිසිදු අසනීපයක් තිබී නොමැති අතර ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම තරුණිය පවුලේ එකම දරුවායි.