අද කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි

0
අද (03) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 217 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 725 ක් වේ.

ඒ අනුව, මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 566,193 දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් -19 වෛරසය ආසාදිත වී ප්‍රතිකාර ගත් තවත් 412 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 541,536ක් දක්වා ඉහළගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.