ශ්‍රී ලංකාව සහ කොදෙව් අවසන් ටෙස්ට් තරගය අද

0
SL vs WI 2nd Test Match in Galle - ශ්‍රී ලංකාව සහ කොදෙව් අවසන් ටෙස්ට් තරගය අද
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දෙවන සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය අද පෙරවරු 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.

සිය පළමු තරගය ලකුණු 107 කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 1-0ක් ලෙස ඉදිරියෙන් පසුවනවා.

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසන්නේ තරගාවලියේ ඉදිරියෙන් සිටියද සිය කණ්ඩායම පිතිකරණය සහ පන්දුරැකීමේ අංශ තවදුරටත් පුහුණු කල යුතු බවයි.

අද තරගයේදී බොහෝ දුරට චරිත් අසලංක සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමටද නියමිතයි.

මේ අතර අද පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා පිළේ දග පන්දු යවන ක්‍රීඩකයින්ට සිය දක්ෂතා පෙන්නුම් කිරීමට වැඩි හැකියාවක් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් පවසනවා.

අද තරගය සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ මේ වනවිට පවතින වියළි තණ නිල්ලෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට බලාපොරොත්තු වන බවයි දිනේෂ් චන්දිමාල් කියා සිටියේ.

මේ අතර මීකී ආතර්ගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් ජාත්‍යන්තර තරගයද මෙය වනු ඇති.