තවත් කොවිඩ් මරණ 27ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (27) තහවුරු කර ඇති බවය.
වයස අවුරුදු 60 වැඩි 22 දෙනෙක් සහ වයස අවුරුදු 30 ත් 59ත් අතර 05 දෙනෙක් මෙලෙස මියගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත්තේ.
එම මරණ අතරට කාන්තාවන් 13 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 14 දෙනෙකු අයත්ය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් ආසාදිත මරණ ගණන 14,305කි.