සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනට (21) අදාළව තහවුරු කරන ලද තවත් කොවිඩ් මරණ 31ක් වාර්තා වී තිබේ.
ඒ අනුව කොරෝනා ආසාදිත වීමෙන් මෙරට මේ දක්වා මියගොස් ඇති සමස්ත සංඛ්‍යාවද 14,158 ක් දක්වා ඉහළගොස් ඇත.
ඒ අතර පිරිමි පුද්ගලයින් 21 දෙනෙකු සහ කාන්තාවන් 10 දෙනෙක් සිටී.