ගෙවුණු දිනයේ (18) කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ ලැයිස්තුව

0
covid 19 new cases in sri lanka yesterday - කොරෝනා ආසාදිතයින්

ගෙවුණු දිනයේ (18) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2518 දෙනෙකු හඳුනා ‌ගෙන තිබේ.

ඒ අතරින් ආසාදිතයින් 40 දෙනෙකු හඳුනා ගෙන ඇත්තේ, විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි දේශීය පුද්ගලයින් අතරිනි.

ඉතිරි කොරෝනා ආසාදිතයින් පිරිස දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් හඳුනා ගෙන තිබේ.

⭕ කළුතර දිස්ත්‍රික්කය – 391 යි.(වැඩිම ආසාදිතයින්)
⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 350 යි.
⭕ කොළඹ දිස්ත්‍රික්කය – 333යි.
⭕අනුරාධපුර දිස්ත්‍රික්කය –179 යි.

අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් ද සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 147,720ක් දක්වා ඉහළ ගිය අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 25,560කි.

මේ අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව ද 121,145ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 34 දෙනෙකු මිය යාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව1015 ක් දක්වා ඉහළ ගියේ ය.

වාර්තා වූ කොවිඩ් මරණවලට අදාළ පුවත – https://newsweb.lk/ඊයේ-කොවිඩ්-මරණ-34ක්-සමස්ත-මර/

කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්ව වාර්තාව – https://covid19.gov.lk/sinhala/