අද කොවිඩ් ආසාදිතයින් ගණන 700ට ආසන්න වෙයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 189 දෙනෙක් අද (21) දිනයේ වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

අද දිනයේ දෛනික ආසාදිතයින් ගණන 697කි.

ඒ අනුව, මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 556,626කි.

කොවිඩ් -19 ආසාදිතයින් 381ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 526,734 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.