මෙරටින් තවත් කොවිඩ් මරණ 22 ක් වාර්තා වී තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (20) දින තහවුරු කරන ලද මෙම මරණ අතරින් 13 දෙනෙකු පිරිමි අය වන අතර 9 දෙනෙකු කාන්තාවන්.
වයස අවුරුදු 60ට වැඩි 16 දෙනෙක් – 30 ත් 59 ත් අතර 05 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු අයෙක් මෙලෙස මියගොස් තිබෙනවා.
මේ අනුව මේ දක්වා ශ්‍රි ලංකාවෙන් වාර්තාවන මුලු කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,108 දක්වා ඉහළ යනු ඇති.