ඊයේ කොවිඩ් මරණ 34ක්.. සමස්ත මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයි

0

මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ ඊයේ දිනයේදී කොවිඩ් මරණ 34ක් වාර්තා වීමත් සමගයි. දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ද මෙය වනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1015ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 2,518ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 147,720ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 121,145ක් වනවා.

දැනට මෙරටින් වාර්තා වන සක්‍රිය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 25,560ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ.

ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ වාර්තා වූ ප්‍රදේශ – https://newsweb.lk/කොරෝනා-ආසාදිතයින්-වාර්ත-2/

කොවිඩ් මරණ 34 ට අදාළ විස්තර පහතින්

කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්ව වාර්තාව – https://covid19.gov.lk/sinhala/