තවත් කොවිඩ් මරණ 21ක් වාර්තා වෙයි

1
තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (14) සිදුව ඇති බවය.

එම මරණ අතරට කාන්තාවන් 6 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු අයත්ය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් ආසාදිත මරණ ගණන 14,016කි.